34 C
Colombo
Friday, May 3, 2024

මම විශ්‍රාම යන්නේ නැහැ. අග්‍රාමාත්‍ය ධූරයේ දිගටම ඉන්නවා – අගමැති මහින්ද රාජපක්ෂ

- Advertisement -

තමන් හදිසියේ විශ්‍රාම නොයන බවත්, ධුර කාලය අවසන් වන තුරුම අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත්තේ ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්.

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදි වැඩිදුරටත් පවසා තිබෙනවා.

“ මට රනිල් හෝ සජිත් සමග කරන්න දෙයක් නෑ. ඒ සියල්ල බොරු. මගේ ධුර කාලය අවසන් වන තුරු මම රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරරම ඉදිරි මැතිවරණ වලිනුත් අපි ජයග්‍රහණය කරනවා. මට තව ටික කාලයක් තියෙනවා. මම වහාම විශ්‍රාම යන්නේ නැහැ. ජාතික ආණ්‌ඩුවක්‌ ගැන කියන කතා ඔක්කොම බොරු”


RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් එහි...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...