27 C
Colombo
Monday, May 6, 2024

පැය 13 ක් විදුලිය කපලා තියෙද්දි ගෙදර ඉදන් වැඩකරන්නැයි අගමැතිගෙන් නිවේදනයක්

- Advertisement -

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අනෙකු අමාත්‍යංශවල අනෙකුත් නිලධාරීන්ට නිවෙස්වල සිට සිය රාජකාරී කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම්දී තිබෙනවා.

පවතින අර්බුදය හමුවේ ඉන්ධන පිරිමසා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පැය 13 ක් වනි විශාල කාලයක් විදුලිය විසන්ධිකර තිබෙන තත්ත්වයක් තුළදී නිවසේ සිට රාජකාරී සිදුකරන ආකාරය පිළිබදව අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ සදහන් වන්නේ නැහැ.

එම විශේෂ ප්‍රකාශය පහතින්

“අපේ රට පෙර නුවූ විරූ දැඩි අභියෝගයකට මුහුණපා ඇති මේ අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස අගමැති කාර්යාලයේ සහ මගේ අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස දැනුම් දුන්නෙමි. “

“අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුව ද එම නිලධාරීන් සිය රාජකාරී උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බව කෘතවේදීව සිහිපත් කරමි.”

“මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ අප රජයක් ලෙස ඉතා ම සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බව අවධාරණය කරමි.”

“බොහෝ දුෂ්කරතා මැද වුව ද ජනතාවගේ ඉවසීම සහ සහයෝගය මතින් තිස් වසරක ත්‍රස්ත උවදුර සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජය ගත් මෑත ඉතිහාසයක් අපට ඇත. මෙම අභියෝගය ද ඒ ආකාරයට ම ජය ගැනීම උදෙසා මාතෘභූමියේ නාමයෙන් සියලු භේද පසෙක ලා අත්වැල් බැඳ ගනිමු.”


RECENT ARTICLES - SINHALA

අලුත් වෙන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම්...

දරු දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිඳ ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව පැවසෙන...

සාමාන්‍ය පෙළ විභාගය අද

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා. ඒ සඳහා පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 52,979ක්. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...