32 C
Colombo
Saturday, May 4, 2024

සියඹලාපිටියගේ අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රංජිත් සියඹලාපිටිය මහතා වෙත දැනුම් දී තිබෙනවා.

සියඹලාපිටිය මහතා ඊයේ (05) දිනයේ දී ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් තමා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා වෙත දන්වා තිබුණා.

සිය ලිපියෙන් ඔහු දන්වා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණය අනුව තමන් නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

නියෝජ්‍ය කථානායක ධූරය ස්වාධීන තනතුරක් බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ අනුව ධූරයෙන් ඉවත් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා රංජිත් සියඹලාපිටිය මහතා වෙත දන්වා තිබෙනවා.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාට නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරයෙන්ද ඉවත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...