30 C
Colombo
Sunday, May 5, 2024

“මචංලා මම ඔයාලාට ආදරෙයි” – බ්‍රිතාන්‍යයේ හොඳම නළුවා වුණ ලාංකිකයා ලංකාවේ අර්බුදය ගැන ලෝකෙටම කියයි

- Advertisement -

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන Laurence Olivier Awards – 2022 සම්මාන උළෙලේදී හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර මහතා සමත් වුණා.

ඊයේ (10) රාත්‍රියේ එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති මෙම සම්මාන උළෙලේදී ඔහු මෙම සම්මානය දිනා ගත්තේ, යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි’ නවකතාවේ වේදිකා අනුවර්තනය වෙනුවෙනි.

‘ලයිෆ් ඔෆ් පයි’ වේදිකා නාට්‍යය ලොලිටා චක්‍රබර්ත්ගේ නිර්මාණයක්.

සම්මානය ලබාගැනීමෙන් අනතුරුව හිරාන් සිදුකළ කතාව මේ වන විට ලෝකයේම අවධානය දිනාගෙන සිටිනවා.

එහිදී හිරාන් සදහන් කළේ ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය පිළිබදවයි.

“මගේ රට ශ්‍රී ලංකාව, මේ වෙද්දී අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ. මම ඔබ ගැන හිතනවා. මට ඔබ සමග එහි සිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මචං මම උඹලට ආදරෙයි. ජය වේවා..!”


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...