32 C
Colombo
Saturday, May 4, 2024

පොහොට්ටුවේ තවත් මැති-ඇමතිවරු 10ක් මහින්දට ගෙදර යන්න කියයි

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් විය යුතු බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

එසේ ඉවත්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු යැයි තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනාවක් ඉදිරිපත් කළ බවයි ඔහු පවසන්නේ.

ඒ, ඊයේ (26) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශක්තියක් වීමට තමයි අපි ඒ කණ්ඩායම් රැස්වීම තිබ්බෙ. හැබයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොච්චර හයිය දෙන්න හැදුවත් සමස්ත ආණ්ඩුවටම විරුද්ධව මතයක් ඇතිවෙලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දරණ මතය තමයි ජනාධිපතිතුමාට ඕනෑම පක්ෂයක අය එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න අවස්ථාව දෙන්න ඕනෑයි කියන එක. අගමැතිතුමා වෙන්න පුළුවන්, සමස්ත කැබිනට් මණ්ඩලය වෙන්න පුළුවන්, රාජ්‍ය ඇමතිවරුන් වෙන්න පුළුවන් අපි සියලු දෙනාම අයින්වෙලා ජනාධිපතිතුමාට මේ අවස්ථාව දෙන්න ඕනෙ.

හෙට දවසේදී ජනාධිපතිතුමා පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම රැස්කරනවා. බහුතර මන්ත්‍රී කණ්ඩායමක්ම ලෑස්තියි ජනාධිපතිතුමාට වුවමනා ආකාරයට මේක කරගන්න අවස්ථාව ලබාදෙන්න. අද අපි කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකුත් රාජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙකුත් ගිහිල්ලා ජනාධිපතිතුමාට මේ යෝජනාව කළා. 10 දෙනෙක් විතර ගියා. මේක කල් අරින්න බෑ, මේක අද හෙටම වෙන්න ඕනෑ”


RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...