32 C
Colombo
Sunday, May 5, 2024

නොයන අගමැතිව අද ජනපතිම පිටමං කරයි ද?

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ කැබිනට් මණ්ඩලයට නිල වශයෙන් ඉල්ලා අස්වන ලෙසට නිල වශයෙන් අද (28) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේ දී දැනුම් දෙනු ඇතැයි ජනාධිපති මන්දිර ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය දින කිහිපය පුරාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියේ තමා ඉල්ලා අස් වීමට සූදානම් නොමැති බවයි. එමෙන්ම, ජනාධිපතිවරයා තමාව ඉවත් නොකරනු ඇතැයි ද ඔහු ඊයේ පවසා සිටියා. ඒ, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය සමග ඉල්ලා අස්වීමෙන් අන්තර්වාර රජයක් සඳහා යෑමට හැකි බවට ඊයේ ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශයෙන් අනතුරුවයි.

එහෙත්, රටපුරා සිදුවන අරගල තත්වයන්ගේ උත්සන්න වීම සලකා විකල්ප ක්‍රියාමාර්ගවලට යොමුවීමට අවකාශය සලසා දෙමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම කාලෝචිතැයි සලකා ජනාධිපතිවරයා විසින් යළිත් මෙම ඉල්ලීම සිදු කරනු ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර එම ඉල්ලීම පිළිගෙන අගමැතිවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණු කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ අනුව අගමැතිවරයා සහ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවට එහි රැඳී සිටිමින් හඬ නගන ඔවුන්ගේම ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත් කරගනු ඇති බවත් වැඩිදුරටත් පැවසේ.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...