32 C
Colombo
Thursday, May 9, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් 121 ට ඉන්ධන?

- Advertisement -

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඇති ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට ඊයේ සිට පහසුකම් ලබාදී තිබෙන බව පොලිස්පති නිල කාර්යාලය නිවේදන කළා.

ඒ අනුව ඊයේ සවස සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම ස්ථානයට පැමිණ තම තමන්ගේ සුපිරි රථවලට ඉන්ධන පුරවාගෙන යන ආකාරය දක්නට ලැබුණා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉන්ධන ලීටරය රුපියල් 121 ක අගයකට ඔවුන්ට ලබාදෙන බවට අදාළ ඉන්ධන පොම්පයේ තිරය මත සටහන්ව තිබීමයි.

මේ සම්බන්ධයෙන් මහජනතාව මේ වන විට දැඩි ලෙස ප්‍රකෝප වී සිටිනවා.

මන්ද මේ වන විට සිපෙට්කෝ ආයතනය පෙට්‍රල් ලීටරයක් රුපියල් 338 කටද ඩීසල් ලීටරයක් රුපියල් 289 කටද අලෙවි කරමින් සිටින නිසායි.

කෙසේවෙතත් මේ පිළිබදව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ කිසිදු මන්ත්‍රීවරයෙකුට හෝ කිසිදු පාර්ශවයකට මේ වන විට සහනාධාර මිලකට ඉන්ධන ලබා නොදෙන බවයි.

මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මහජනතාවගේ කෝපය හා කළකිරීම තමන්ට තේරුම් ගත හැකි වුවත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවද අමාත්‍යවරයා සදහන් කරනවා.

නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඇති ඉන්ධන පිරවුම්හලෙ සටහන්ව ඇති එම මිලගණන් පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් මේ වන විටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබාදුන් බවත් ඒ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට

අධික උණුසුමත් සමඟ ඇති වූ සංකූලතා හේතුවෙන් යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව යාපනය රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා මහතා පවසනවා. පසුගිය...

Breaking : ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව පිළිගන්න බැහැ (වීඩියෝ)

0
තමන්ගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිගත නොහැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. කොළඹදී අද (09) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඇය පෙන්වා...

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...