30 C
Colombo
Friday, May 3, 2024

දර වලින් උයන කාන්තාවන්ගේ ආයු කාලය වැඩි වෙනවා..! – සරත් වීරසේකර

- Advertisement -

ගෑස් හිඟය සහ ගෑස් වල අධික මිල වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක්ව ඇති බව සරත් වීරසේකර පවසනවා

ඒ, ඊයේ (07) දින පාර්ලිමේන්තුව අමතමින්.

ගෑස් පෝළිම් වල ජනතාව රජයට පරිභව කරන අයුරු පමණක් මාධ්‍ය මගින් පෙන්වන බවත් ගෑස් සඳහා ඇති විකල්ප වලට මාධ්‍ය වල ඉඩක් නොලැබෙන බවටත් ඔහු චෝදනා කර සිටිනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාව වසරකට දැව ටොන් මිලියන 12ක් භාවිතා කරන බවත් මෙරට මුලු බලශක්ති පරිභෝජනයෙන් 46%ක් තවමත් දැව ඉන්ධන මගින් සැපයෙන බවත් ගෘහස්ත සුළු වාණිජ කර්මාන්තයන්ට 68%ක දායකත්වයක් දැව ඉන්ධන ලබාදෙන බවත් කර්මාන්ත සඳහා 75%ක් දැව ඉන්ධන භාවිතා කරන බවත් ඔහු පවසනවා.

වර්තමානයේ දර භාවිතය නවීන ලෝකය තුල ගෝත්‍රික ක්‍රියාදාමයක් ලෙස අවතක්සේරුවට ලක් කළත් 1800 තෙක් ලෝකයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය වූයේ දර ඉන්ධන බවත්ෙවකට දර හිඟය නිසා ජනතාව ගස් සුලභ රටවලට සංක්‍රමණය වූ බවත් ඔහු පවසනවා.

“නවීන පිරිසිඳු බලශක්ති ඉන්ධන පරිහරණය කරන දියුණු රටවල මිනිසුන්ගේ ආයු කාලය වසර 80යි 85යි. නමුත් ලංකාවේ ගෑස් මිලදී ගැනීමට අපහසු දර පරිහරණය කරන කාන්තාවන්ගේ ආයු කාලය වසර 80.1යි. ඒ කියන්නේ ලංකාවේ සමහර දර්ශක දකුණු ආසියාවේ ඉහළම තැනට පත්වෙලා තියෙනවා. ඉන් පෙන්වන්නේ දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහාණියට හේතු වෙන්නෙ නැති බවයි.”


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...