28 C
Colombo
Sunday, May 5, 2024

ඉන්ධන මිල ආයෙත් වැඩිකරනවා – අගමැති රනිල්

- Advertisement -

ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ රුසියානු යුක්‍රේන ගැටුම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.

පසුගිය සතියේදී රුසියාව විසින් යුරෝපයට ගෑස් සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා ගෑස් මිල මෙන්ම ඉන්ධන මිලද ඉහළ යන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමීමට සිදුවන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ වන විටද ඉන්ධන මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමක පවතිනවා.

අද වන විට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 450 ක් වනවා.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445 ක් වනවා.

මෙවැනි තත්ත්වයක් තුළ තවදුරටත් ඉන්ධන මිල ඉහළ දැමුවහොත් මෙරට උද්ධමනය මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයද සම්පූර්ණයෙන්ම කඩාවැටෙන බව ආර්ථික විශේෂඥයින් පවසනවා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...