33 C
Colombo
Thursday, May 2, 2024

ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර CIDයට කැඳවීමට එරෙහිව විරෝධතා..!

- Advertisement -

ශ්‍රී ලංකා තරුණ ජනාමධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු සහ මානව හිමිකම් ක්‍රියාරිකයකු වන ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හට අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පවත්වාගෙන යන Youtube චැනලය සම්බන්ධයෙන් ගුවන් හමුදා බුද්ධි අංශයෙන් කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දී ඇත්තේ.

ඔහුව මෙසේ කැඳවීමට විරෝධය පලකරමින් මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, දේශපාලඥයින්, කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් එක්ව ඊයේ උදෑසන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වූ අතර ඒ වන ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයින් වෙත භාරදුන්නා.

එමෙන්ම අද දිනයේත් විරෝධතාවයන් රැසක් සිදුවනවා.


RECENT ARTICLES - SINHALA

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (04)  විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...