28 C
Colombo
Friday, May 3, 2024

ආයතන හෝ ව්‍යාපාරවලට ඉන්ධන ලබාගන්න හැටි මෙන්න

- Advertisement -

වාහන කිහිපයක් පවතින ආයතනවලට හෝ ව්‍යාපාරවලට එම ආයතනික ලියාපදිංචි බලපත්‍රයට අනුව සියළුම වාහන සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කරන්‌නේ ඒ අනුව ඊට අදාළ වැඩි දියුණු කිරීම් කඩිනමින් සිදු කරන බවයි.

අදාළ ජාතික ඉන්ධන බලපත්‍රය ඊයේ (16) නිකුත් කෙරුණු අතර වාහන කිහිපයක් පැවතියද එක් පුද්ගලයෙකු නමට ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණයි.

එය ව්‍යාපාර ආයතනවලටද පැවතියේ එලෙසම වූ අතර ඊයේ ජාතික ඉන්ධන බලපත්‍රය එළිදක්වන මොහොතේ මාධ්‍යවේදීන් මේ පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

ඒ වන තෙක් මෙම කරුණ කෙරෙහි අවධානය යොමුවී නොතිබූ අතර ඉන් පසුව වාහන කිහිපයක් පවතින ආයතන වලට හෝ ව්‍යාපාරවලට එම ආයතනික ලියාපදිංචි බලපත්‍රයට අනුව සියළුම වාහන සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු සකස් කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම වාහන සඳහා එක වාහනයකට වෙන වෙනම QR කේතයක් හිමිවන බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...