28 C
Colombo
Friday, May 3, 2024

හොර මත්පැන් ෆෝන් එකෙන් හොයා ගන්න හැටි

- Advertisement -

මත්පැන් නිර්ව්‍යාජ දැයි හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ජංගම දුරකථන මෘදුකාංගය ළඟදීම නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරටදී ආරම්භ කෙරෙනු ඇති.

එහිදී මෙරට තුළ අලෙවි කරන සියලුම විදේශීය මත්පැන් සඳහා අදාළ වන පරිදි මෙම ජංගම දුරකථන මෘදුකාංගය හදුන්වාදීමට තීරණය කර ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ වසර ගණනාවක පටන් සිදුකළ අඛණ්ඩ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම මෘදුකාංගය හදුන්වාදීමට හැකියාව ලැබී ඇති බවයි.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් හෙට දිනයේදී මේ පිළිබඳව වැඩිදුරටත් මහජනතාව දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...