29 C
Colombo
Sunday, May 5, 2024

නන්දලාල්, බිය නොවන්න, මම ගෙදර යන්නම්..! – සබ්‍රි (VIDEO)

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කිරීමට අවශ්‍යම නම් ඔහු වෙනුවෙන් ඉවත්වීමට තමා සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසනවා.

ඒ, අද (2) අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී පාර්ලිමේන්තුව අමතමින්.

තමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ගත් සියලු තීන්දු තීරණවල වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවයි එහි දී ඔහු කියා සිටියේ.

මහ බැංකු අධිපතිවරයා පස්සේ පැන්නීමෙන් වළකින්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කියූ දේ ඉටු කළ පුද්ගලයකු බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍යවරයා,

“සල්ලි නෑ ගෙවන්න, ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියනවා. භාණ්ඩාගාරයේ තිබ්බෙ අමෙරිකානු ඩොලර් තිස් හත් දාහයි. එතකොට ඒවා ගෙවනව ද ණය ගෙවනව ද? මට හිතා ගන්න බෑ! මම ඒ වගකීම බාර ගත්තා. මම ඒ තීරණය අවශ්‍ය අයත් එක්ක සාකච්ඡා කළා. මට ඒ තීරණය ගන්න මහ බැංකු අධිපතිතුමා අවශ්‍ය උපදෙස් දුන්නා. නමුත් කාට හරි ඔහුව ඉවත් කරන්න ඕන නම්, මම පැත්තකට යන්නම්, එතුමාව තියා ගන්න. ඔහු ගත්ත තීරණවලින් අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා. බොරුවට මිනිස්සු පස්සෙ යන්න එපා. මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගන්න ඕන.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.”


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...