24 C
Colombo
Sunday, December 10, 2023

දිවයිනේ සියලුම නගර පාළුවට යයි

- Advertisement -

අද (28) දිනයේ වෘත්තීය සංගම් 1000 ක එකතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වර්ජනය නිසා දිවයිනේ සියලුම නගර පාහේ පාළුවට ගොස් ඇතිබවට තොරතුරු වාර්තා වනවා.

ජිවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, ගැස් මිල ඉහළ දැමිම, ගැස් හිඟය සහ විදුලි කප්පාදුව වැනි ජනපීඩක ක්‍රියාකලාප හේතුවෙන් ඊට විරෝධය පා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකයි.

මෙම වැඩවර්ජනයට සහය දක්වමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලු ම නගරවල වෙළෙඳසල් වසා දැමිමට වෙළෙඳ සංගම් පියවර ගෙන තිබෙනවා.

නුවරඑලිය, හැටන්, තලවකැලේ, කොටගල, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙලිය යන නගරවල වෙලදසැල්ද වසා දමා අද දිනයේ වෙළඳාම් කටයුතුවලින් ඉවත්වීමට ව්‍යාපාරිකයන් කටයුතු කර ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

කෙසේවෙතත් වර්ජනයක් ක්‍රියාත්මක වුවද රජයේ කාර්යාල වෙත සේවකයින්ගේ පැමිණීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

නමුත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද පැවැත්වෙන වර්ජනයට සහය පළ කරන බව එහි ලේකම් ප්‍රදීප් ලක්ෂාන්ත මහතා පවසනවා.

කොග්ගල වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ද ආයතන ඉදිරියට පැමිණ මේ වන විට විරෝධතාවයේ නිරත වනවා.

මේ අතර හැටන් දික්ඔය ප්‍රදේශයේ වතු කම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයට පිවිස උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

තවදුරටත් රට ආර්ථික වශයෙන් දුර්වල නොකොට ආණ්ඩුවට බලයෙන් ඉවත්වන ලෙසට බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙනවා.

මේ අතර කිසිදු ආර්ථික මධ්‍යස්ථානයකට අද දිනයේ එළවළු තොග ලැබී නොමැති බව සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළද සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...