28 C
Colombo
Saturday, July 27, 2024

නාමල්ගේ පැමිණීම සමඟ බණ්ඩාරවෙල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

- Advertisement -

බණ්ඩාරවෙල නගරයේ ඉන්ධන පිරවුම්හල් අසළ අද (30) පෙරවරුවේ රැඳී සිටි ජනතාවට හිටිහැටියේ වාහන ඉවත් කරගන්නා ලෙස ප්‍රභූ ආරක්ෂාව භාරව සිටින කණ්ඩායමක් විසින් දැනුම් දී තිබෙනවා.

අද දින ක්‍රීඩාංගනයක් විවෘත කිරීමට පැමිණෙන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාරව සිටින ඇමති ආරක්ෂකයින් පිරිසක් මෙලෙස පෝලිම්වල සිටින ජනතාව ඉවත්කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දැනුම් දී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා පැමිණෙන බැවින් වාහන ඉවත් කරගෙන මාර්ගයේ ඉඩ ලබාදෙන ලෙසයි.

ඉන් ප්‍රකෝපයට පත් වූ ජනතාව වාහන ඉවත් කරගන්නවා වෙනුවට මාර්ගය වසා දමමින් වාහන මග නවතා දමමින් නාමල් රාජපක්ෂ මහතා වෙත තම විරෝධය පළ කර තිබෙනවා.

අදාළ විරෝධතාවය හේතුවෙන් බදුල්ල – බණ්ඩාරවෙළ මාර්ගය අවහිරවී තිබෙනවා.

අදාළ සිදුවීම පිළිබදව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අපහසුතාවයට පත්වූ බණ්ඩාරවෙළ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා.

ඔහු පවසන්නේ වැලිමඩ ප්‍රදේශයේ තමන් සහභාගීවන කිසිදු උත්සවයක් නොමැති බවයි.

කෙසේවෙතත් නාමල් රාජපක්ෂ මහතා සහභාගීවන උත්සවයක් වැලිමඩ නොව බණ්ඩාරවෙල පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒ අද පස්වරු 2 ට බණ්ඩාරවෙල ‘නලින් ප්‍රියන්ත සූරියගේ ක්‍රීඩාංගණය’ විවෘත කිරීමේ උක්සවයයි.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රදර්ශන පාපන්දු තරගයකට සහභාගිවීමට ද සැලසුම් කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...