30.2 C
Colombo
Friday, April 26, 2024

රුපියල් 18,000 ක වැටුප් වැඩිවීමක් දෙන්න – රජයේ සේවකයින්

- Advertisement -

සමස්ත රාජ්‍ය සේවයකයන් හටම අවම වශයෙන් රුපියල් 18,000 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලා සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් එම සංගමයේ ජාතික සංවිධායක බී.ඒ.පී. බස්නායක මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා මගින් සමස්ත රාජ්‍ය සේවයම අමතක කර සාමාන්‍ය ජනතාව මෙන්ම තමන්වද කබලෙන් ලිපට ඇද දමා ඇති බවයි.

භාණ්ඩ මිල මෙලෙස ඉහළ යාමට පෙරද ලැබුණු වැටුපද සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයක් තුළදී 2022 අයවැය තුළින්ද සහනයක් නොලැබීම තුළින් රාජ්‍ය සේවකයා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.

රාජ්‍ය අංශයේ සංගණන අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මසකට සාමාන්‍යයෙන් රුපියල් 58000 ක මුදලක් අවශ්‍ය බව සදහන්ව තිබුණද වර්තමානයේ පවතින බඩුමිල සමග ජීවත්වීම අපහසු බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පෙන්වා දෙනවා.

එබැවින් රාජ්‍ය සේවයේ නියුතු සේවකයින් හට අවම වශයෙන් රුපියල් 18,000 ක වැටුප් වැඩිවීමක් ලබා නොදෙන්නේ නම් පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවට එම සංගමය නිවේදනය කරනවා.


RECENT ARTICLES - SINHALA

උලපනේ සුමංගල හිමිට ඇප

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත...

සජබෙට ගිය මන්ත්‍රීලා ගැන පොහොට්ටුව තීරණයක් ගනී

සමගි ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන...

කැබ් රථ අනතුරින් හමුදා සෙබලෙක් මරුට. 9කට තුවාල

මාන්කුලම් - වසන්තනගර් හන්දියේදී මාන්කුලම් දෙස සිට කිළිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබලුන් රැගත් කැබ් රථයක ගැටී...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...