27.9 C
Colombo
Saturday, April 27, 2024

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ආණ්ඩුවෙන් නිවාස (වීඩියෝ)

- Advertisement -

2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් කොඩ්චිකඩේ දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට රජයෙන් නව නිවාස ලබාදීමේ වැඩසටහනක් ඊයේ (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී පැවැත්වුණා.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණවලින් ප්‍රතිලාභී පවුල් 19 ක් සඳහා එහි පළමු අදියර යටතේ අද දිනයේ නව නිවාස ප්‍රදානය කෙරුණා.

කුලී පදනම හා අඩු ආදායම්ලාභී පදනම මත තෝරාගත් ප්‍රතිලාභී පවුල් 33 කට නව නිවාස ප්‍රදානය කිරීමට නියමිත අතර එම එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 4 ඉක්මවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

මෙම අවස්ථාවට අතිඋතුම් ජේ.ඩී. ඇන්තනී රදගුරුතුමන් සහ අතිඋතුම් ඇන්ටන් රංජිත් රදගුරුතුමන්ද එක්ව සිටියා.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ ප්‍රමාදයක් සහිතව වුවද පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටුකල යුතු යුතුකම් අනිවාර්යයෙන් ඉටු කරන බවයි.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...