27.8 C
Colombo
Friday, April 26, 2024

මම පොරොන්දු වුණ වැඩ ලබන අවුරුදු තුනේ කරනවා කරනවාමයි – ජනපති (වීඩියෝ)

- Advertisement -

තමන් බලයට පත්වන විට වසර 5 ක් තුළ සිදුකරන බවට පොරොන්දු වූ සියලුම වැඩ කොටස් ඉතිරි වසර 3 තුළදී අනිවාර්යයෙන්ම ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එබැවින් තමන් කෙරෙහිත් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කෙරෙහිත් විශ්වාසය තබන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා.

රජය විවේචනය කර ජනතාව අධෛර්යමත් නොකරන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්ද සිදුකළා.

ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේ ධනවාදී ලෙස සිතන ලෙසයි.

ආණ්ඩුවේ ඇමතිවරයෙක් වන සිරිපාල ගම්ලත් මහතා තෙත්වී රුපියල් 80 ටත් වියලි වී රුපියල් 90 ටත් මිලදී ගන්නා බැවින් රුපියල් 95 කට මිලදී ගන්නා ලෙස තමන් කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් දුන් බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

තම රජය විශ්වාස කරන ලෙස ගොවි ජනතාවගෙන්ද ඉල්ලා සිටින බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...