28.1 C
Colombo
Friday, April 26, 2024

පොහොර නැව ආවට බඩු බාන්න අවසර නෑ..! – කෘෂිකර්ම අමාත්‍යාංශය

- Advertisement -

හානිකර බැක්ටීරියා සහිත බවට නැවත නැවතත් තහවුරු වූ අහිතකර චීන කාබනික පොහොර රැගැත් ‘හිපෝ ස්පිරිට්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදේ වැලිගමට නාවික සැතපුම් 61 ක් දුරින් ඇති බව නාවික හමුදා ගමනාගමන වෙඩ් අඩවිය තහවුරු කර සිටිනවා.

කෙසේ වෙතත්, අදාල නෞකාවේ ඇති කාබනික පොහොර මෙරටට ගොඩබෑමට කිසිඳු අවසරයක් ලබාදී නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

අදාළ නෞකාවට පොහොර පැටවීම සඳහා ද කිසිදු අවසරයක් මෙරටින් නිකුත් කර නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

එමෙන්ම, නෞකාවේ ඇති කාබනික පොහොර සාම්පල තුන්වන පාර්ශවයක් මගින් යළි පරික්ෂා කිරීමේ කිසිදු සුදානමක් නොමැති බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එසේ පැවසුවද චීන කාබනික පොහොර සඳහා වන ණයවර ලිපියට අදාල ගෙවීම් සිදුකිරීමට තම බැංකුව බැඳී සිටින බවට මහජන බැංකුවේ රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පවසනවා.

පොහොර සාම්පල පරීක්ෂාවට පෙරම, කොන්දේසි මාලාවකට අනුකූලව ණයවර ලිපිය විවෘත කළ බවත් චීන පොහොර නැව මෙරටට පැමිණියේ එය පදනම් කරගෙන බවත් ඔහු පවසනවා.

වාණිජ බලපත්‍රයක් ලබා නොදීම නැව මෙරටට පැමිණ ඇති බව අමාත්‍යවරයා පවසන නමුත් නැවක් පැමිණෙන්නේ ලියවිලි මත මිස භාණ්ඩ මත පදනම්ව නොවන බව ඔහු පෙන්වා දෙනවා.

භාණ්ඩ සඳහා වන වගකීම ඇත්තේ ආනයනකරු සහ අපනයනකරු සතුව බවත් මුදල් නොගෙවන බවට දේශපාලඥයන් පැවසුවද ණයවර ලිපි විවෘත කර මෙරටට පැමිණි නැවට ඩොලර් මිලියන 09ක මුදල ගෙවීමට මහජන බැංකුව බැඳී සිටින බවත් ඒ මහතා පවසනවා.

මේ දක්වා අදාල ගෙවීම් සිදු කිරීමට මහජන බැංකුවට නොහැකි වූයේ අධිකරණ වාරණ නියෝගයක් හේතුවෙන් බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...