26 C
Colombo
Sunday, November 27, 2022

ජනපති හා පක්ෂ 11 අතර හමුව : වැදගැම්මකට ඇති දෙයක් සාකච්ඡා වුණේ නැහැ – වාසු (වීඩියෝ)

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා අතර සාකච්ඡාවක් අද (10) පස්වරුවේ පැවැත්වුණා.

එහෙත් එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

මෙම සාකච්ඡාවේදී අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ යෝජනා ගැන ස්ථිර සාකච්ඡාවක් සිදු නොවූ බවත් සැබවින්ම වැදගත් කිසිදු දෙයක් සාකච්ඡා නොවූබවත් අමාත්‍යවරයා සදහන් කළා.

කෙසේ නමුත් ඉදිරි දිනයකදී යළිත් සාකච්ඡා කිරීමට මෙම කණ්ඩායම එකගතාව පළකළ බව වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

මේ අතර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ලබාදුන් යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ජනතා ඉල්ලීම්වලට පිටුපා රාජපක්ෂවරුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් නැවත පත්කළහොත් ජනතාවගේ විරෝධය මැඩලිය නොහැකි වන බවයි.


RECENT ARTICLES - SINHALA

ඉන්දියා- ඇමරිකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක්

0
ඉන්දු-එක්සත් ජනපද ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ 18 වන සංස්කරණය "Yudh Abhyas 22" ඉන්දියාවේ උත්තර්කාන්ද් හි දී පැවැත්වීමට නියමිතව තිබේ. දෙරටේ...

නියමිත කාලයට සරසවියෙන් එළියට නොගිය අය ගෙදර යවන්න නව පනතක්

0
විශ්ව විද්‍යාලවලට ඇතුල් වී නියමිත කාලයට උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපනය අමාත්‍යාංශය...

හිටපු ජනාධිපති මෛත්‍රී සහභාගී වූ උත්සවයකට සෙනඟ නෑ

0
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ උත්සවයකට සෙනඟ නොපැමිණීමේ සිද්ධියක් වාර්තා වනවා. අද (26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ...

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...