32 C
Colombo
Thursday, December 1, 2022

පොලිසිය අරගලයට තහනමක් ඉල්ලයි – අධිකරණය බෑ කියයි

- Advertisement -

යම් පිරිසක්විසින් කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරියේ පදික වේදිකාව අවහිර වන පරිදි සහ මහජන පීඩාවක් ඇති වන පරිදි විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එම ජනතාව ඒකරාශී වීම වැලැක්වීමට 106 වගන්තිය ප්‍රකාරව ඒකපාර්ශ්වික නියෝගයක් කොල්ලුපිටිය පොලීසිය විසින් අළුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (25) ඉල්ලා සිටියා.

කෙසේ නමුත් එය සලකා බැලූ මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ, මෙම උද්ඝෝෂණයට සහභාගී වන නිශ්චිත පිරිසක් නම් නොකොට ඉල්ලන ඉල්ලීම් සදහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බව පවසමින්.

අදාල පිරිස් විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළහොත් එයට පොලිස් බලය පාවිච්චි කරන ලෙස පමණක් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නා.

මේ අතර, පොලිසිය විසින් ඊයේ දින කටුකම්බි සහිත මාර්ග බාධක යොදා ඒවා ඉටිකොළ මගින් ආවරණය කරමින් සිතාමතාම ජනතාවට තුවාල සිදු කිරීමට බලාපොරොත්තු වීම සම්බන්ධව මාධ්‍ය වේදීන් විසින් මානව හිමිකම් කොමිසමට සහ පොලිසියට පැමිණිලි සිදු කර තිබූ අතර මේ සම්බන්ධව නීතීඥ සංගමයේ අවධානය ද ලැබී තිබුණා.


RECENT ARTICLES - SINHALA

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...