27 C
Colombo
Thursday, May 16, 2024

ගෑස් නැව් දෙක මුහුදේ තියනවට දිනකට ඩොලර් 36,000 ක් ගෙවන්න වෙලා

- Advertisement -

මෙරටට ගෑස් අවශ්‍යතාවය සදහා ආනයනය කරන ලද ගෑස් තොගය රැගත් නෞකා දෙකක් මේ වන විටත් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබෙනවා.

ඒ අදාළ නෞකා දෙකට අදාළ ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය කෙරෙන ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් නොකිරීමේ තත්ත්වයක් හේතුවෙන්.

මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් අදාළ ගෑස් නෞකා දෙක මෙරටට ළඟාවී අදට දින10ක් පමණ ගතවී තිබෙනවා.

අදාළ ගෑස් තොග ගොඩබෑමෙන් තොරව මුහුදේ නැංගුරම්ලා තිබෙන කාලය තුළදී ඒවාට ප්‍රමාද ගාස්තු වශයෙන් එක් නෞකාවකට දිනෙකට අමෙරිකානු ඩොලර් 18,000ක් ගෙවීමට සිදුවනවා.

ඒ අනුව නෞකා දෙකට අදාළව දිනෙකට අමෙරිකානු ඩොලර් 36,000ක් ගෙවීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මෙම ගෑස් තොගය ගොඩබෑම ප්‍රමාද කිරීම හේතුවෙන් දිවයින තුළ ගෑස් හිඟය දිනෙන් දින උග්‍රවී ආර්ථිකයට දැඩි බලපෑම් ඇතිකරන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

අතුරුදන් වූ සා.පෙළ සිසුවියන් දෙදෙනා හමුවෙයි

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අතුරුදන් වූ පාසල් සිසුවියන් දෙදෙනා ඥාති නිවසක සිටිය දී හමුවී තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ එම සිසුවියන් ඥාති නිවසක සිටින බවට...

උත්සව වලට සල්ලි වියදම් කරපු හැටි ජීවන් තොණ්ඩමන් හංඟලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද "නාම්-200" උත්සවයට අදාළ තොරතුරු ජූලි 03 වැනිදාට පෙර ලබාදෙන ලෙසට තොරතුරු කොමිසම ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත...

පොල්ලකින් පහරදී තරුණයෙක් ඝාතනය කෙරේ

හෝකන්දර - හොරහේන ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ එම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා. පුද්ගලයකු විසින්...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...