33 C
Colombo
Tuesday, April 30, 2024

ආටෝප දාගෙන ආපු විරුවා රට විනාශ කළා. මෙහෙම පවුලක් ලොවෙත් නැහැ – සුසිල් ප්‍රේමජයන්ත (වීඩියෝ)

- Advertisement -

මාධ්‍ය මගින් පුම්බනු ලැබූ විරුවා මේ වන විට රටම විනාශය කරා ගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ උගතුන් බුද්ධිමතුන් සහ වියතුන් හෑල්ලුවට ලක් කළ මෙවැනි යුගයක් මෙරට ඉතිහාසයේ අන් කවරදාකවත් නොතිබූ බවයි.

ඒ සඳහා ජනාධිපතිවරයා ඍජුව වගකිව යුතු බවට ද ඔහු චෝදනා කරනවා.

මෙවැනි ආකාරයෙන් සමස්ත බල කේන්ද්‍රය පවුලක් වටා ගොනු වූ වෙනත් අවස්ථාවක් පිළිබඳ තමා නොදන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද වන විට බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව පෙන්වාදෙන සුසිල් ප්‍රේමජයන්ත මහතා එවැනි පාලනයක් නිර්මාණය වීම සඳහා දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බවද සදහන් කළා.

සිදු වූ වරද නිවැරදි කිරීමට කළ හැකි සියලුම කැපවීම් සිදුකරන බවද පවසන සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉන්පසු දේශපාලන සමුගැනීමට සූදානම් බවද සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.


RECENT ARTICLES - SINHALA

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි...

Breaking: ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර...

රනිල්ට ස්තූති කරන්න කෝච්චි තුනකින් සෙනඟ කොළඹට එනවා – වජිර

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම සඳහා දකුණු පළාතේ සිට දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...