30 C
Colombo
Thursday, May 2, 2024

සීනි 1යි, හාල් 5යි, පරිප්පු නම් ග්‍රෑම් 500‍යි..! – සතොසින් සීමා

- Advertisement -

හාල්, සීනි, පරිප්පු යන ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා මිලදී ගැනීමට හැකි සීමාවන් සඳහන් කරමින් එම ආයතනය විසින් විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සියලු තොග අංක යටතේ ඇති සම්බා සහල් මිලදී ගත හැකි උපරිමය කිලෝ 05කට සීමා වන අතර සියලු තොග අංක යටතේ ඇති නාඩු සහල් උපරිමය ද කිලෝ 05ක් වනවා.

රතු පරිප්පු මිලදී ගත හැකි උපරිමය ග්‍රෑම් 500ක් වන අතර සියලු තොග අංක යටතේ ඇති සුදු හෝ රතු සීනි උපරිමය කිලෝ 01කට සීමා වී සතොස හරහා මිලදී ගැනීමට අවස්ථාව හිමි වනවා.

එසේම මෙම අයිතම මිලදී ගන්නේ නම් තවත් අයිතමයක් මිලදී ගැනීම අනිවාර්‍යය වන බවත් එහි සඳහන්.

මෙම අයිතම මිලදී ගන්නා විට බිල්පතේ අගය රුපියල් 500ට වැඩිනම් කහ කුඩු ග්‍රෑම් 100 පැකට්ටුවක් මිලදී ගැනීමට අවස්ථාව ඇති බවත් මෙම සීමා උල්ලංඝණය කරමින් කටයුතු කරන සතොස සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය පරීක්ෂණ පවත්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.


RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...