27 C
Colombo
Monday, April 29, 2024

විදුලි කැපිල්ලෙන් හෙට සහනයක්

- Advertisement -

හෙට (02) දිනයේ පැය 08යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිවී තිබෙනවා.

ඒ අනුව ABCDEF කලාප සඳහා පෙරවරු 8ත් දහවල් 12ත් අතර පැය 4ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

එම කලාපවල පස්වරු 4ත් රාත්‍රී 7ත් අතර පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනවා.

රාත්‍රී 9ත් රාත්‍රී 10.30 අතර තවත් පැය 1යි මිනිත්තු 30 කාලයක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

GHIJKL කලාප සඳහා දහවල් 12ත් සවස 4ත් අතර පැය 4ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අනුමැතිය හිමිවී තිබෙනවා.

එම කලාපවල සවස 6ත් රාත්‍රී 9ත් අතර පැය 3ක විදුලි කප්පාදුවක් සහ රාත්‍රී 10.30ත් මධ්‍යම රාත්‍රී 12ත් අතර පැය 1යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

PQRS කලාපවල පෙරවරු 8ත් දහවල් 12ත් අතර පැය 4ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා.

එම කලාපවල පස්වරු 4ත් රාත්‍රී 7ත් අතර පැය 3ක් සහ රාත්‍රී 9ත් රාත්‍රී 10.30ත් අතර පැය 1යි මිනිත්තු 30ක් ද විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

TUVW කලාප සඳහා දහවල් 12ත් සවස 4ත් අතර පැය 4ක විදුලි කප්පාදුවක්, සවස 6ත් රාත්‍රී 9ත් අතර පැය 3ක විදුලි කප්පාදුවක් සහ රාත්‍රී 10.30ත් මධ්‍යම රාත්‍රී 12ත් අතර පැය 1යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

MNOXYZ යන කලාප සඳහා අලුයම 5.30 සිට පෙරවරු 9 දක්වා පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...