28 C
Colombo
Sunday, May 5, 2024

රනිල් ගෙදර යනතුරු අරගලය දිගටම – ගෝල්ෆේස් අරගලකරුවන්

- Advertisement -

නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාද ධූරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන තුරු අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බව ගාලුමුවදොර මහජන අරගල​යේ නිරතවන්නන් පවසනවා.

අද පාර්ලිමේතුව තුළ සිදුවිය යුතුව තිබුනේ ජනතාවාදී පාලකයෙකු පත්කරගැනීම බවත්, නමුත් සිදුවූයේ පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකු ඔවුන්ගේ නිරුවත වසා ගැනීම සඳහා ඔවුන්ට වුවමනා ජනතා විරෝධී ජනාධිපතිවරයකු පත් කරගැනීම බවත් ඔවුන් පෙන්වා දෙනවා.

අරගලයේ ක්‍රියාකාරී සැලැස්මේ දෙවැනියට දක්වා ඇති පරිදි, මහජන කැමැත්තට පටහැනිව පත්වූ රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු බවත්, එතෙක් සාමකාමී විරෝධතා අඛණ්ඩව සිදු කරන බවත් අද (20) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් සදහන් කළා.

මේ අතර ගාලු මුවදොර එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට ඇතුල්වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා

එම පිළිමයට හානි කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවට පොලීසිය විසින් කරන ලද දැනුම්දීමක් සළකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...