25 C
Colombo
Thursday, May 9, 2024

ඉන්දියාවේ ජනපති සටනක් – බ්‍රිතාන්‍යයේ අගමැති සටනක්

- Advertisement -

ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා අද (21) තෝරා පත් කර ගැනීමට නියමිතයයි.

අදාළ ඡන්ද විමසීමේ මනාප ගණන් කිරීමේ කටයුතු අද (21) පෙරවරු 11.00ට ඇරඹි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31ක දී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ මධ්‍යස්ථාන 30ක දී පැවැත් වුණා. භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ පක්ෂ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග වදින්නේ ගෝත්‍රික සම්භවයක් ඇති ද්‍රෞපදී මුර්මුයි.

ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ යෂ්වන්ත් සිංහා යි. නමුත් බොහෝ දුරට ඉන්දියාවේ මීළඟ ජනාධිපති ලෙස ද්‍රෞපදී මුර්මු තේරී පත් වීමට වැඩි ඉඩකඩක් තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා දක්වන්නේ.

මේ අතර, බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා තෝරාගැනීමේ සටන උණුසුම් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

කොන්සවේටිව් පක්ෂ නායකත්වය ට රිෂී සුනක් සහ ලිස් ට්‍රස් යන දෙදෙනාගෙන් කෙනෙක් පත්වීමට නියමිත අතර එසේ පත්වන තැනැත්තාට එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට අවස්ථාව හිමිවෙනවා.

කොන්සවේටිව් පක්ෂ සාමාජිකයින් 160,000ක් තැපැල් හෝ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අගෝස්තු සිට සැප්තැම්බර් 02ත් අතර කාලය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර ජයග්‍රාහකයා සැප්තැම්බර් 05 වනදා නිවේදනය කෙරෙනු ඇති.

බොරිස් ජොන්සන් එතෙක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිත වනවා.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...