26 C
Colombo
Tuesday, May 7, 2024

ත්‍රස්තවාදීන්ට බුදු ගුණ වයලා හරි යන්නෙ නෑ..! – සනත් නිශාන්ත

- Advertisement -

69 ලක්ෂය යනු, රැවුල වවාගත් කොණ්ඩය පාට කළ, ගංජා සුරුට්ටුව අතේ තියාගත් කුඩු පැකට්ටුවට අතට දුන් විට අරගල භූමියේ හිටගන්නා අය නොවන බව පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසනවා.

ඒ, ඊයේ (26) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කුඩුකාරයන්ට ඕනෑ ම වෙලාවක ආණ්ඩු පෙරළිය හැකි බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ, කුඩු කිලෝ 10ක් 12ක් පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා. ඔවුන් ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය භාවිත කරන බව හා ඒවාට වෙන ම වෙන් වුණු කුටි ද පවතින බවත් සනත් නිශාන්ත පෙන්වා දෙනවා.

එමෙන්ම, 1971 සහ 1989 වසර වලදී මෙන්ම මෙවර ඇති වූ ජනතා විරෝධයද ගෝඨාභය රාජපක්ෂ මහතාට පාලනය කිරීමට තිබූ නමුත් ගෝඨාභය රාජපක්ෂ විසින් එය සිදු නොකල බවයි ඔහු කියා සිටින්නේ.

මෙම විරෝධය පසුපස සිටින්නේ ඩයස්පෝරාව සහ බංකොලොත් දේශපාලන පක්ෂ බවට චෝදනා කරන ඔහු වැඩිදුරටත් පවසන්නේ රටේ තෙල් අර්බුදයක් ඇතිවීමට හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ද වගකිව යුතු බවයි.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...