33 C
Colombo
Saturday, May 4, 2024

චාමර සම්පත්ට හෙල්මට් ප්‍රහාරයක්

- Advertisement -

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන යතුරුපැදි හිස් ආවරණයකින් පහර දී ඇති බව බදුල්ල මූලස්ථාන පොලිසිය සදහන් කරනවා.

රාජ්‍ය ඇමති චාමර සම්පත් මහතා පෙරේදා (19) සවස බදුල්ල – බණ්ඩාරනායක මාවතේ ගමන් කරමින් සිටියදී හිතවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ කඩයක් අසල නැවතී සාමීචියේ යෙදිමින් සිට තිබෙනවා.

ඒ අසළ ඇමතිවරයාගේද හිතවතුන් දෙදෙනෙකු වන මෙන්ඩිස් සහ කන්නන් නැමැති පුද්ගලයින් දෙදෙනෙකුද සිට ඇති අතර ඔවුන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඔහු ඇමති ධූරයට පත් වූ පසු ලස්සන වී ඇති බවයි.

මීට උරණ වූ අමාත්‍යවරයා ඔවුන් දෙදෙනාට බැණ වැදී ඇති අතර පසුව දෙපාර්ශවය අතර වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

චාමර සම්පත් දසනායක මහතා ඔවුන් දෙදෙනාට දැඩිව බැණවදින අවස්ථාවේදී කන්නන් නැමැත්තා සිය අතෙහි තිබූ හෙල්මට්ටුවෙන් ඇමතිවරයාට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමට අදාළව කන්නන් නැහැත්තේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙන්ඩිස් නැහැත්තේ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...