ගාලුමුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීමට වසර දෙකක් සපිරෙන අද දිනය ලක්වාසී සියලුම දෙනාට අමතක නොවන දිනනයක්.
එදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පිරිසක් ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදීමෙන් පසුව දිවයින පුරා පොදුජන පෙරමුණේ සාමාජිකයන් මෙරට මහජනතාවගෙන් නොමැකෙන මතක සටහන් ඉතිරි කරගනිමින් ගුටි පූජාවන්ට ලක්වූවා.
එම දෙවර්ෂ පූර්ණය සමරා තලවතුගොඩ Grill Kitchen අවන්හල අපූරු වාසියක් සිය පාරිභෝගියන්ට ලබාදී තිබෙනවා.
ඒ අනුව අද දින ‘බයි කොත්තු’ නමින් අමතර වාසියක් සිය පාරිභෝගියන්ට ලබාදීමට මෙම ආයතන කටයුතු කර ඇතැයි එම ආයතනය නිවේදන කරනවා.
එහිදී සිය වෙබ් අඩවියේ ඇති ඕනෑම කොත්තුවක් අන්තර්ජාලය හරහා ඇණවුම් කිරීමේදී BAIKOTTU නම් කූපන් කේතය ලබාදීම මගින් කොත්තු රොටියේ වටිනාකමෙන් 10% ක වට්ටමක් ලබා ගත හැකියි.
Order Now:
https://www.grillkitchen.lk/#clrublwyl0023tfe138iq4zpb