30.2 C
Colombo
Friday, April 26, 2024

සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල් හා රනිල් අතර උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

- Advertisement -

අද (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගන්නා ලද එකඟතාවයන් සම්බන්ධයෙන් වන වාර්තාව පිළිබදව මුදල් අමාත්‍යවරයාගෙන් විමසීමත් සමඟයි.

එහිදී මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ එය ලබාදීමට තවමත් අදාළ වාර්තාව තමන්ටද නොලැබුණු බවයි.

ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එම වාර්තාව ලබාදුන් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බැවින් එය නිරාකරණය කරගැනීමට එම අරමුදලේ මෙරට නියෝජිතයා සර්ව පාක්ෂික කමිටුව ඉදිරියට කැදවිය හැකි බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් මූලික වාර්තාවක් තමන්ට ලබාදී ඇති බව මෙහිදී මුදල් අමාත්‍යවරයා පවසා සිටියා.

කෙසේවෙතත් මීට පෙර ආණ්ඩුව ප්‍රකාශ කර සිටියේ ඊට අදාළ කිසිදු වාර්තාවක් තමන්ට මේ වන තෙක් ලැබී නොමැති බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...