28.2 C
Colombo
Saturday, April 27, 2024

සනත් නිශාන්තගේ පොත් දසදහසක පුස්තකාලයක් ගිනිගෙන

- Advertisement -

මැයි 09 වනදා සිය නිවසට ගිනිතැබීම හේතුවෙන් තම නිවසේ තිබූ පොත් 10,000 කින් යුත් විශාල පුස්තකාලය ගිනිගෙන විනාශවූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

ඔහු පවසන්නේ තමන් හා තම බිරිද ජීවිත කාලය පුරාවටම එක්රැස්කළ පොත් එම පුස්තකාලයේ තිබූ බවයි.

සතිඅග පුවත්පතක් සමඟ අදහස් දක්වමින් සනත් නිශාන්ත මහතා සදහන් කර ඇත්තේ තමන් විවේකය ලද සෑම අවස්ථාවකම පොතක් කියවන බවයි.

පාන්දර කාලයේ පොත් කියැවීම පුරුද්දක් කරගත් තමන් හට මේ වන විට ඉතිරිව ඇත්තේ මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගන්නා ලද පොත් කිහිපය පමණක් බවට ඔහු පවසා තිබෙනවා.

සනත් නිශාන්ත මහතා සදහන් කරන්නේ එමෙන්ම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පොත් මිලදී ගැනීමට ගිය තමන් දෙස එහි පැමිණ සිටි පිරිස බැලුවේ අමුතු සතෙකු දෙස බලන්නාක් මෙන් බවයි.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...