28 C
Colombo
Saturday, July 27, 2024

සමාජ මාධ්‍ය අවහිර කිරීම ඇමති නාමල්ට විහිළුවක් වෙලා

- Advertisement -

අද පෙරවරුවේ පටන් මෙරට සිට සමාජ මාධ්‍යවලට පිවිසීම රජය විසින් අවහිර කර තිබීම මේ වන විට ක්‍රීඩා අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාට විහිළුවක් වී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

සිය instagram ගිණුමේ Story එකක් ලෙස ඔහුම පලකළ ට්විට්ර් පණිවුඩයක් ප්‍රසිද්ධියට පත්කරමින් නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ සමාජ මාධ්‍ය තහනම් කර ඇති බව සමාජ මාධ්‍ය තුළින්ම දැනගන්නා එකම රට ශ්‍රී ලංකාව බවයි.

මෙය නාමල් රාජපක්ෂ මහතා 2019 වසරේ පලකළ ට්විටර් පණිවුඩයක් බව එහි සටහන් වනවා.

එම ට්විටර් පණිවුඩයෙහි තිර සටහනක් (Screen Shot) මෙලෙස නාමල් රාජපක්ෂ මහතා අද නැවත පලකර තිබෙනවා.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා අද (03) දිනයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවයි.

එම නිසා මෙම තීරණය නැවත සළකා බලන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් මෙරට ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද නාමල් රාජපක්ෂ මහතායි.

ඔහු යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම හා පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතන පවතිනවා.

සමාජ මාධ්‍ය අවහිර කිරීමට කටයුතු කර ඇත්තේද නාමල් රාජපක්ෂ මහතා යටතේ ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවම වන තත්ත්වයක් යටතේ නාමල් රාජපක්ෂ මහතාගේ මෙම ට්විටර් පණිවුඩය විකාරකාරී ස්වරූපයක් ගන්නවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කළේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලිඛිත ඉල්ලීමකට අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යජාල තාවකාලිකව අවහිර කිරීමට කටයුතු කළ බවයි.

මෙවැනි පසුබිමක් යටතේ නාමල් රාජපක්ෂ මහතා යටතේ ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වන ඕෂධ සේනානායක මහතා අද (03) ඉල්ලා අස්වීමට කටයුතු කිරීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...