27 C
Colombo
Wednesday, May 8, 2024

චමල්ගෙන් මහින්දට කණේ පහරක්

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිසි වේලාවේදී තනතුරු අතහැර දේශපාලනයෙන් ඉවත්වූවා නම් අද ඔහුට අත්ව ඇති ඉරණම අත් නොවන බව ඔහුගේ වැඩිහමල් සොහොයුරා වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් චමල් රාජපක්ෂ මහතා පැවසුවේ දේශපාලනයේ නිරතවනවා නම් අත්හැරීම පුරුදුවිය යුතු බවයි.

එසේ නොමැතිව තනතුරුවලට ලෝභී වුවහොත් මෙවැනි දේවල්වලට මුහුණදීමට සිදුවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.

මැයි 09 වනදා සිදුවීම පිළිබදව තමන් කණගාටුවන බවත් අරලියගහ මන්දිරයට රැස්වූ පිරිස ගාලු මුවදොර පිරිසට පහරදුන් සිදුවීම වැරදි සහගත ක්‍රියාවක් බවත් චමල් රාජපක්ෂ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ සිටි යම් පිරිසක් සිදුකළ උසිගැන්වීම නිසා මෙම අවාසනාවන්ත සිදුවීම වූ බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...