29.4 C
Colombo
Friday, April 26, 2024

බොරැල්ල පල්ලියේ අත්බෝම්බයට වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

- Advertisement -

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී විශ්‍රාමික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්බෝම්බ සිදුවීමට අදාළව මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරනවා.

මෙම වෛද්‍යවරයා පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ සමයේ රෝහල අසලම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර පනාමුරේදී අත්අඩංගුවට ගත් සැකකරු වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා.

එම පුද්ගලයා හට මුදල් මෙන්ම අත්බෝම්බය ලබාදී ඇත්තේ, මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවද මේ වන විට තොරතුරු හෙළිවෙමින් පවතින බවත් එයට හේතුව තවමත් නිශ්චිත ලෙස අනාවරණය නොවූ බවත් වාර්තා වනවා.

මේ අතර මීට මාස කීපයකට ඉහතදී නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට අත්බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවට ද බවට ද තොරතුරු අනාවරණ නමුත් එය තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයාගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළව බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ සේවය කළ ‘සන්ක්‍රිස්තියන්’ තනතුර දැරූ පුද්ගලයාව මූලික විමර්ශනයන්හීදී අත්අඩංගුවට ගැණුනා.

ඊට දැඩිව විරෝධය පලකරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පොලීසිය විසින් විමර්ශනය නොකළ ආරක්ෂිත කැමරා දර්ශන මාධ්‍ය වෙතද ලබාදී තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කළේ එම පුද්ගලයාගේ කාමරයේ තිබූ ගිනිකූරු අඩුවී ඇති ගිනි පෙට්ටි සොයාගත් බවයි.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...