28.9 C
Colombo
Saturday, April 27, 2024

වැසිකිළියක සැඟවුණු අසූචි ප්‍රේමියා කවුදැයි සොයන්න – ඇමති ඩලස්

- Advertisement -

මාධ්‍යවේදීී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන්න පිළිබඳව කථා නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ, කැබීනට් තීරණ දැනුම් දීීමේ මාධ්‍ය සාකච්ඡාවේදී නිවසට චමුදිත මහතාගේ එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වැසිකිළියක සැඟවී සිටින ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුන පිරසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත බවත් අසූචි ප්‍රහාරයෙන් වහනය වන්නේ කුණුවූ සමාජයක කුණුවූ දුර්ගන්ධයක් බවත් ඔහු පවසනවා.

පෙරේදා (14) අළුයම 2 ට පමණ සමරවික්‍රම මහතාගේ නිවස අසලට සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙක් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව නිවසේ ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව ඇති බව පොලීසිය සදහන් කර සිටියා.

පැමිණි පුද්ගලයින් නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඉන් නිවසට සැලකිය යුතු අලාභහානියක් සිදුව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...