30 C
Colombo
Wednesday, February 19, 2025

ගමේ කඩපිලටත් බියර් හා වයින් ලැබෙන හැටි

- Advertisement -

සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සියලුම ආයතනවලට මෘදු මත්පැන් බලපත්‍ර (soft liquor licenses) නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊට අදාල කැබිනට් පත්‍රිකාව සංචාරක අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු විසින් මීට පෙර ඉදිරිපත් කරන ලදි.

මෙය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ රටට මෙන්ම සියලුම සංචාරක පාර්ශ්වකරුවන්ට විදේශ ආදායමක් ගෙන ඒමට උපකාරී වනු ඇති බවයි ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා සිල්ලර කඩ වැනි ස්ථානවලද බීර අලෙවි කිරීමට පසුගිය යහපාලන රජය සමයේදී එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවසර ලබාදුන්නද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අම්‍යප ප්‍රතිපත්තිය හේතුවෙන් එම තීරණය අවලංගු කෙරුණා.

කෙසේවෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණියවන චතුරිකා සිරිසේන මහත්මියට යහපාලන රජය සමයේ මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කර තිබීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

Breaking: ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දියි. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම...

POPULAR ARTICLES