28.9 C
Colombo
Friday, April 26, 2024

ලොහාන් ඉල්ලා අස්වුණාට රාජ්‍ය ඇමති ධූරය අහිමි වී නැහැ..!

- Advertisement -

තමන් විසින් වැලිකඩ බන්ධනාගාරයේදී බීමතින් කලහකාරීව හැසිරුණු බවටත් අනුරාධපුර බන්ධනාගාරයේදී සිරකරුවන්ට ගිනි අවි පෙන්වා යම් කිසි හිංසනයක් සිදු කළ බවටත් වන චෝදනා භාරගනිමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කර සිටියා.

කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉල්ලා අස්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වෙන්නේ ඔහු තමන් හෙබවූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව පමණයි.

ඒ අනුව, ඔහු හෙබවූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස තවදුරටත් කටයුතු කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස බීමතින් කලහකාරීව හැසිරුණු පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම ඔහු මෙලෙස හැසිරී ඇති බවට චෝදනා රාශියක් තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...