26 C
Colombo
Tuesday, April 30, 2024

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

- Advertisement -

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා.

මේ අතර මෙම ප්‍රහාරය සඳහා යළිත් ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට ඉරානය විසින් ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබෙනවා.

ඉරාන බලධාරීන් විසින් තවදුරටත් අවධාරණය කර ඇත්තේ එවැනි ප්‍රහාරයක් සඳහා එක්සත් ජනපදය ඊශ්‍රායලය සඳහා සහාය නොදිය යුතු බවයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ පවසා තිබුණා,

“සියොන්වාදී තන්ත්‍රය වන ඊශ්‍රායලය හෝ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන් දිගින් දිගටම නොසැලකිලිමත් අන්දමින් හැසිරෙන්නේ නම් ඔවුන්ට මීටත් වඩා තීරණාත්මක මෙන්ම ප්‍රබල ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වේවි”

ඊශ්‍රායලය වෙත ඉරානයෙන් එල්ල කරන ලද ප්‍රහාරය මඟින් සිය අරමුණු සහ ඉලක්ක ඉටු කරගෙන අවසන් බවත් එබැවින් එම මෙහෙයුම  අවසාන කළ අතර එය තවදුරටත් ඉදිරියට රැගෙන යාමට අපේක්ෂා නොකරන බවත් ඉරාන හමුදා ප්‍රධානී පවසා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...