31 C
Colombo
Saturday, July 27, 2024

සරත් වීරසේකර රට වටේ පොලීසි දැම්මට කුලී ගෙවලා නැහැ – ගොඩනැගිලි හිමිකරුවන්

- Advertisement -

කඩුවෙල ප්‍රදේශයට නව පොලිස් ස්ථානයක් ලබාදෙන බව පවසමින් කඩුවෙල අධිවේගී පිවිසුම ආසන්නයේ අලුතින් ආරම්භ කළ කඩුවෙල පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ හිමිකරුට මේ වන තෙක් කිසිදු කුලී මුදලක් ගෙවා නොමැතිබවට තොරතුරු වාර්තා වනවා.

ගොඩනැගිල්ලේ හිමිකරු පවසන්නේ මසකට ලක්ෂ 2 බැගින් වූ කුලී පදනම මත අදාළ ගොඩනැගිල්ලෙහි පොලිස් ස්ථානයක් ආරම්භ කිරීම සඳහා එය ලබාදුන් බවයි.

බදු ඔප්පුවක් හෝ අත්සන් කිරීමකින් තොරව ලියවිල්ලක් මත පමණක් පොලීසිය එය ලබාගෙන ඇති අතර පොලිස් ස්ථානය ආරම්භ කර මාස 10 ක් ගතව ඇතත් ඒ වෙනුවෙන් තමන්ට කිසිදු ගෙවීමක් මේ වන තෙක් සිදු නොකළ බව ගොඩනැගිල්ලේ හිමිකරු පවසනවා.

ඒ අනුව මේ වන විට පොලීසිය අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුට රුපියල් ලක්ෂ 20 ක් ණය වී තිබෙනවා.

මේ අතර කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් හට නවාතැන් ගැනීම සඳහා ගත් කුළී නිවසටද මාස 09 ක කාලයක පටන් කිසිදු මුදලක් ගෙවා නොමැති බව එම නිවසේ හිමිකරුද පවසනවා.

පසුගිය වසරේ ජූලි 13 වන දින එවකට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් කඩුවෙල නව පොලිස් ස්ථානය විවෘත කරනු ලැබූවා.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ රට වසා දමා තිබියදීත් ඔහුගේ පාලන සමය තුළ නව පොලිස් ස්ථාන කිහිපයක්ම විවෘත කිරීමට අමාත්‍යවරයා කටයුතු කළා.

එම අවස්ථාවන් උත්සවාකාරයෙන් පිරිස් ඒකරාශීකර පැවැත්වීම පිළිබදව එකල අමාත්‍යවරයාට දැඩිව චෝදනා එල්ල වුණා.

මේ අතර පොලිස් ස්ථානවලට කුළී ගෙවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයට මුදල් නොමැති වුවද විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ගැසීමට නව කඳුළු ගෑස් හා එම අවස්ථාවන්හීදී භාවිතා කිරීමට විශේෂ මුහුණු ආවරණද මිලදී ගෙන තිබෙනවා.

ඊයේ (24) ගාලු මුවදොර අසල අටවා තිබූ ස්ථීර පොලිස් මාර්ග බාධක අසළ මෙම නව මුහුණු ආවරණ ගොඩගසා තිබූ අතර ඒවා ආනයනික මට්ටමෙන්ම පෙට්ටිවල බහා විවෘත නොකර තිබෙන අයුරු දක්නට ලැබුණා.


RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...