30.1 C
Colombo
Friday, April 26, 2024

“මුහුණ වසාගත් පොලිසියේ දෙදෙනෙක් මගේ ත්‍රීවීල් එකට ගිනි තිබ්බා..!” – ත්‍රීරෝද රථයේ රියදුරු සාක්ෂි දෙ‍යි

- Advertisement -

මුහුණු වසාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තමන්ගේ ත්‍රීරෝද රථයට ගිණි තැබූ බවට අදාල ත්‍රී රෝද රථයේ රියදුරු කෑගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ සාක්ෂි දෙමින් පැවසූ බව අද (21) මවුබිම පුවත්පත වාර්තා කරනවා.

පසුගියදා රඹුක්කනදී සිදුවූ සිදුවීමට සමගාමීව මෙය සිදුවූ බවත් T-56 ගිණි අවි රැගත් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් දුම් රිය නිල නිවාස වල වැසිකිළි දොරවල් කඩා දමමින් තමන්ව සෙවූ බවත් ඉන් පසුව ‘කොට තුවක්කු’ රැගත් නිලධාරීන් දෙදෙනෙක් තමන්ගේ ත්‍රී රෝද රථයේ ඉන්ධන පුරවන තැන අසලින් රථයට ගිණි තැබූ බවත් ඔහු සාක්ෂි දෙමින් පවසා සිටියා.

තවද, ත්‍රී රෝද රථයේ වහලය සම්පූර්ණයෙන්ම ගිණි ගන්නා තෙක් ඔහු එහි රැඳී සිටි බවයි ත්‍රී රෝද රථයේ රියදුරු සාක්ෂි දෙමින් පවසා සිටින්නේ. ඉන් අනතුරුව “උඹ දඟලනවා වැඩියි. පොඩි උන් පොඩි උන් විදිහට ඉන්න ඕනෑ” යැයි රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා තමාට පැවසූ බවට එම රියදුරු සාක්ෂි දුන් බවත් මවුබිම පුවත්පත වාර්තා කරනවා.


RECENT ARTICLES - SINHALA

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පහසුකම් භාවිත කිරීම...

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...