33 C
Colombo
Saturday, May 4, 2024

උදයංග වීරතුංගට රට යන්න දෙන්න බැහැ – මහේස්ත්‍රාත් තිළිණ ගමගේ

- Advertisement -

තමන්ට විදෙස්ගතවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සිදුකළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) ප්‍රතික්ෂේප කළා.

මිග් ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව මීට පෙර උදයංග වීරතුංග මහතාට ඇප ලබාදුන් අවස්ථාවේ දී ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබුණා.

මෝසමක් මාර්ගයෙන් අද (12) අධිකරණය හමුවේ කරුණු දැක්වූ උදයංග වීරතුංග මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කියාසිටියේ වෙළෙඳ සම්මන්ත්‍රණයකට සහභාගීවීම සඳහා තම සේවාදායකයාට විදෙස්ගතවීමට අවශ්‍යව ඇති බැවින් අදාළ තහනම තාවකාලිකව ලිහිල් කිරීමක් සිදුකරන ලෙසයි.

කෙසේවෙතත් උදයංග වීරතුංග මහතා 2015 වසරේ සිට අධිකරණය මගහැර විදෙස්ගතව සිට 2019 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණි බැවින් මෙවර විදෙස්ගතවීමට අවසර ලබාදුනහොත් ඔහු යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා විදෙස්ගතවීමට අවසර ලබාදෙන ලෙස උදයංග වීරතුංග මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට තවත් පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්

කොල්ලුපිටියේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් පරීක්ෂකවරයෙක් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස...

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහුට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...