27 C
Colombo
Monday, May 6, 2024

උසාවිය ඉදිරියේ සුදු ඉරිමත U Turn ගැසූ චන්දිමාල් ජයසිංහගේ රියදුරු අත්අඩංගුවට

- Advertisement -

ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියදුරු ඊයේ (01) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ මාර්ගයේ ඇති ඉරි කපා චන්දිමාල් ජයසිංහ මහතාගේ වාහනය U ආකාරයේ හැරවීමක් සිදුකල වරදකටයි.

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් පසුගිය ඉරිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ මහතා සහ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඇපමත නිදහස් වූ චන්දිමාල් මහතා සහ පියුමි හංසමාලි මහත්මිය චන්දිමාල් ජයසිංහ මහතාගේ කැබි රථයේ නැගී අධිකරණය ඉදිරියේ ඇති ඉරි කපා U ආකාරයේ හැරවීමක් සිදුකර ගමන් ගන්නා ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ පලකෙරුණා.

මේ සම්බන්දයෙන් වූ පැමිණීල්ලක් හේතුවෙන් චන්දිමාල් ජයසිංහ මහතා හා ඔහුගේ රියදුරු පොලීසියට ගෙන්වා ඇති අතර රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

රියදුරු අද (02) දින උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු වරද පිළිගත් නිසා රුපියල් 12,500 ක දඩයකට ඔහුව නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...