28 C
Colombo
Friday, May 3, 2024

ලොහාන් අයින් උනේ පරීක්ෂණ අවසන් වෙනකල් – නාමල් (VIDEO)

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ලොහාන් ‍රත්වත්තේ විසින් සිය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූයේ පරීක්ෂණ අවසන් වනතෙක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (17) දින මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ‍යම් කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය සහ විපක්ෂයේ දේශපාලඥයන් චෝදනා කළ බවත් ඒ චෝදනාව පිළිබඳව සිදුවන පරීක්ෂණයට සහය දීමේ අවශ්‍යතාවය මත එම පරීක්ෂණය අවසන් වෙනතෙක් ලොහාන් ‍රත්වත්තේ විසින් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

ක්‍රීඩා හා තරුණ අමාත්‍යවරයා මෙසේ පැවසුවද ලොහාන් රත්වත්තේ විසින් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේ වරද භාරගනිමින් බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වාර්තා කර සිටියා.

එමෙන්ම විවිධ පාර්ශව රැසක්ම අදාල සිදුවීම සිදුවූ බවට තහවුරු කළ හැකි බව පවසා සිටි අතර රජයේ පාර්ශවයේ මන්ත්‍රීවරුන් ද පවසා සිටියේ මීට නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක වියයුතු බවයි.

අදාල හිංසනයට ලක්වූ සිරකරුවන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාව මුණගැසීමට අවශ්‍ය බවක් දැන්වූ පසුබිමක අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...