26 C
Colombo
Wednesday, May 22, 2024

කැරොලයින් කළ වැඩේ චන්දිමාලුත් කරයි. නැවතත් පුෂ්පිකාගේ කිරුළ ගැලවෙයි

- Advertisement -

පසුගිය වසරේ මෙරට විවාහක රූ රැජිණ ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය මෙතැන් පටන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුව තීරණය කර ඇති බවයි.

මෙම තීරණයෙන් අනතුරුව අද සිට පුෂ්පිකා ද සිල්වා මහත්මිය හට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව කිසිදු ආකාරයකින් භාවිත කිරීම වාරණය කර ඇති බව නිවේදනයේ සදහන්.

චන්දිමාල් ජයසිංහ මහතා පවසන්නේ ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟාවලිය පැවැත්වීමට නිත්‍යානුකූල බලතල අනුව බලය ඇත්තේ සිය සංවිධානය වෙත බවයි.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය පසුගිය වසරේ අප්‍රේල් මස 4 වැනි දින ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදුවද එය ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරනු ලැබූවා.

පුෂ්පිකා ද සිල්වා මහත්මියට ඒ සඳහා කිසිදු සුදුසුකමක් නැතැයි පවසමින් පෙර වසරේ ශ්‍රී ලංකා රූ රැජිණ වී පසුව ලෝක විවාහක රූ රැජිණ බවටද පත්වූ කැරොලයින් ජූරි මහත්මිය ඇයගේ කිරුළ ගලවා දමන්නටද කටයුතු කළා.

මේ හේතුවෙන් පසුව කැරොලයින් ජූරි මහත්මියටද ලෝක විවාහක රූ රැජිණ කිරුළ අහිමි වූවා.

කෙසේ වෙතත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය පසුගිය ලෝක විවාහක රූ රැජිණ කිරුළ අහිමිවීමත් සමඟ හැසිරුණු ආකාරය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...