27 C
Colombo
Thursday, May 2, 2024

රත්මලානට ගුවන්යානයක් එන එකටත් ආණ්ඩුවෙන් උත්සවයක් (ඡායාරූප)

- Advertisement -

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල වසර 55 කට පසුව යළිත් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කළ බව රජය නිවේදනය කරනවා.

ඒ අනුව මාලදිවයිනේ ජාතික ගුවන්සේවය වන Maldivian Air හි ගුවන් යානයක් ඊයේ (27) උදෑසන 8.50 ට රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ළඟා වුණා.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසන්නේ ආසන 50 ක් ඇති DH 8 ගුවන් යානා සතියකට තුන් වතාවක් කාල සටහන් ගතව ක්‍රියාත්මක කරන අතර 2022 මැයි සිට එය සතියට පස් වතාවක් දක්වා වැඩි කරන බවයි.

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ ඇති පහසුකම් වැඩි දියුණු කරමින් නව උප ධාවන පථය සහ ආස්තරණය කරන ලද ගුවන් යානා අංගනය හා තීරු බදු රහිත වෙලද සැල විවෘත කිරීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා වුවද ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නැති ගුවන්තොටුපලක විවෘත කිරීමට ඒ මහතා සම්බන්ධවීම විශේෂත්වයක්.

එහිදී නාමල් රාජපක්ෂ මහතා පිළිගැනීමට විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබෙන අයුරු දක්නට ලැබුණා.


RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...