33 C
Colombo
Saturday, May 4, 2024

අවුරුද්දට සැප ගන්න නුවරඑළිය මන්ත්‍රී බංගලාව මාසෙටම බුක් වෙලා

- Advertisement -

උදාවන සිංහල – දෙමළ අලුත් අවුරුද්දටත් මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෝලිම්වල දුක්විදින අතරතුර අප රටේ ජනතා මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අපූරු ක්‍රියාවක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවස (General’s House) බංගලාව සිංහල – දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව රට අගාධයට ඇද දැමූ මෙරට පාර්ලිමේන්තු නියෝජිතයින් එළැඹෙන උත්සව සමයේ විනෝදයෙන් ගතකිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සියලු පහසුකම් සහිත මෙම General’House බංගලාවේ කාමර 19 ක් පවතිනවා.

සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මන්ත්‍රීවරයෙකුට එක් වරකදී එහි කාමර තුනක් දින තුනක කාලයක් සඳහා වෙන්කරවා ගැනීමට හැකියාව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය (Member service) විසින් එම බංගලාවෙහි සියලු කටයුතු පවත්වාගෙන යනු ලබනවා.


RECENT ARTICLES - SINHALA

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහුට...

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...