32 C
Colombo
Monday, May 6, 2024

අරගලයට රනිල්ගෙන් රතු එළියක්..!

- Advertisement -

අරගලය මුවාවෙන් නීතියට විරුද්ධව කටයුතු කරන පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තුවෙන් නව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, ඊයේ (20) පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය වැනි දෑ අත්පත් කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවයි ඔහු අවධාරණය කරන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවෙන් තේරීපත්වූ නව ජනපති රනිල් වික්‍රමසිංහ,

“මගේ බලාපොරොත්තුව, මේ රටේ තියෙන විවිධ පක්ෂ, පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන ඒවා එක්ක සහයෝගයෙන් වැඩකටයුතු කරන්න. රටේ ජනතාව අපෙන් අහන්නේ මේ කාලේ මේ කාලේ ගිහින් ඇයි අපිට එකට වැඩකරලා රට දියුණු කරන්න බැරි කියලා. අපි විරුද්ධවාදී දේශපාලනයේ යෙදෙන්නේ අන්තිමට රට නැති කරන්න ද? මේ ප්‍රශ්නය තරුණ අය අහනවා. ඒක වැදගත් ප්‍රශ්නයක්, මමත් ඒ ගැන හිතලා බලලා තියෙනවා. එහෙනම් අපි මේ ක්‍රමය වෙනස් කරලා ඒ තරුණ අදහස් අනික් අදහස්වලට ඇහුම්කන් දෙන්න ඕන.

අරගලය කිව්වේ ඇත්ත වශයෙන්ම අද තියෙන ක්‍රමවේදයට විරුද්ධව ගෙනයන අරගලයක්. මේක හැම අංශයෙන්ම වෙනස් කරන්න කියලා. ඒ නිසා සාමකාමී අදහස් දරණ අයට ඒ අදහස්වලට ප්‍රචාරය කරන්න අපි ඉඩදෙන්න ඕන, ඒවගේම අපිටත් පුළුවන් ඒවාට පිළිතුරු දෙන්න. නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත් අපි පිළිගන්න ඕන. ඒ නිශ්ශබ්ද වෙලා ඉන්න අයගේ අදහසුත් අපි පිළිඅරගෙන ක්‍රියා කරන්න ඕන. ඒත් මේක මුවාවෙන් අරගලය කියන්නේ. ආණ්ඩුවක් පෙරළන්න, ගෙවල් ගිනිතියන්න, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අරගෙන යනවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. ඒක නීතියට විරුද්ධයි.

එහම නීතියට විරුද්ධ අයට විරුද්ධව අපි ක්‍රියා කරනවා. අරගලය කියලා තරුණයන්ට අනාගතයක් හදන්න ඕන නම්. මම ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා. මම සාමකාමී අයට දැම්මම කරලා තියෙනවා, අද සාමකාමී අය යටකරලා තියෙනවා. සාමකාමී අයට අදහස් ප්‍රකාශ කරන්න තව වේදිකාවක් හරි මම හදලා දෙන්නම්. ව්‍යස්ථාව අනුව අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් සහයෝගය තියෙන එක්කෙනෙක්, මගෙ පක්ෂයේ ඉන්නේ මම විතරයි, ඉතින් මට තෝරන්න බෑ.”


RECENT ARTICLES - SINHALA

හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගෙන

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ...

අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන්ට ඇප

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය...

පොහොට්ටු ඡන්දය විකුණන්න දෙන්න බැහැ-දිලිත්

පොහොට්ටුවට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...