ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙකු පත්කර තිබෙනවා.
මහ බැංකුව නිවේදනය කරන්නේ පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකු මෙලෙස සහකාර අධිපතිවරුන් ලෙස උසස් කිරීමට පියවර ගෙන ඇති බවයි.
කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන් පසුගිය 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයට උසස් කෙරුණා.
කෙසේ වෙතත් මීට පෙර මහබැංකුවේ කටයුතු කළ කීර්තිමත් නිලධාරීන් කිහිප දෙනෙකු නව මහබැංකු අධිපතිවරයා පත්කිරීමත් සමඟ වෙනත් තනතුරු සඳහා මාරු කර යැවුණා.