34 C
Colombo
Monday, May 6, 2024

අරගල කරන පේෂල හොර පාරෙන් තෙල් ගහලා – ඉරාජ්

- Advertisement -

ප්‍රසිද්ධ සංගීතඥ පේෂල මනෝජ් මහතා හොර රහසේ ඉන්ධන ලබාගෙන ඇති බවට ඉරාජ් වීරරත්න චෝදනා කරනවා.

ඔහු පවසන්නේ පොදු ප්‍රවාහන සහ පාසල් වෑන් රථ වලට ඩීසල් සපයන තලංගම ඩිපෝවෙන් පේෂල මනෝජ් මහතා ඉන්ධන ලබාගෙන ඇති බවයි.

පාසල් වෑන් රථයක් හෝ පොදු ප්‍රවාහන බස් රථයක් නොමැති පේෂල මනෝජ් ඉන්ධන ලබාගැනීමට තලංගම ඩිපෝවට ගියේ ඇයිදැයි ඉරාජ් වීරරත්න ප්‍රශ්න කර සිටිනවා.

අරගලයේ පෙර ගමන්කරුවෙකු හා රටේ සිස්ටම් එක වෙනස් කරන්න හදන, රටේ විනය ගැන කටමැත දොඩන පේෂල මනෝජ් පෝලිමක් හෝ නොමැතිව හොර පාරෙන් මෙලෙස ඉන්ධන ලබාගෙන ඇති බවටයි ඉරාජ් වීරරත්න ඡායාරූපද සහිතව චෝදනා කරන්නේ.

පේෂල මනෝජ් හා ඉරාජ් වීරරත්න කලකදී හොඳ යහළුවන් වූ අතර දේශපාලන විරුද්ධ මතවාද හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර මේ වන විට යම් විරසකයක් පවතිනවා.


RECENT ARTICLES - SINHALA

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

ෆොන්සේකාට එරෙහිව ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බලන්න දිනයක්

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය...

පොලිස් නිලධාරින්ගේ සිහිය ගන්න දේශබන්දුගෙන් වැඩසටහනක්

පොලිස් නිලධාරීන් ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේද සහභාගිත්වයෙන් සිදුකල වැඩසටහනක් ඊයේ (05) කළුතර පිහිටී ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පවත්වා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...